Posts

Image
දුම්බර මැණිකේ සොයා ගිය මිතුදම   සති ගානක ඉදලා යහන්ගල යන්න ප්ලෑන් කරලා තිබ්බත් වැස්සයි,දැනමුත්තන්ගෙ උපදෙසුයි එක්ක ඒ ගමන ටිකක් කල් දාන්න කියලා හිතුවත් හිත ඉල්ලනෙම කොහෙ හරි යන්න නිසා යහන්ගල යන්න සෙට් උන අපි වෙන කොහෙ හරි යන්න හිතුවා..කාටත් හොරෙන්ම දුම්බර ගමනට පිඹුරුපත් සකස් කලේ කියන්න ගිහින් ඒ ගමනටත් කතා අහන්න වෙයි කියලමයි.දවසින් දෙකෙන් ගයිඩ් කෙනෙකුත් හොයාගෙන ඕනෙ දේවල් ලිස්ට් හද හද ඉන්නකොට "මාවත් එක්කන් පලයන්" කියලා අඬ අඬ හිටියා ඉස්සයි හූනියමයි ගමනට සෙට් උනේ...කොහොමින් කොහොම හරි සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ගමන යන්නයි ප්ලෑන් එක...ඇටන්වලට යන්න බස් එක තියෙන්නේ උදේ 7 -8 අතර හින්දා සිකුරාදා රෑ කොටුවෙන් පිටත් වෙන්නයි සූදානම...සිකුරාදා හවස් වෙනකොට කට්ටියම සෙට්..හැම සෙට් එකකම සුපිරියටම වෙලාවට වැඩ කරන එකෙක් ඉන්නවමනෙ..මෙදා පාර ඒ තැන ගත්තෙ #හූනියමා..ඌ එනකොට අපි බස් එකෙත් නැගලා... සෙට් එක ඔන්න ඔක්කොම හරි....නව දෙනෙක් දැන් බස් එකේ පිටිපස්සෙ ගමනේ... #දිනූගෙ_බෙලෙක්_ කටේ සද්දෙට බස් එකේ ඉස්සරහ මිනිස්සුත් හැරිලා බලනකොට දැනුනු හැගීම විස්තර කරන්න වචන හදන්න ඕනේ ..ඒ අතරේ ඉස්...

බතලේගල කදු මුදුන සොයා

Image
  සුපුරුදු විදිහට කෑල්ලත් එක්ක මලක් කඩාගෙන ප්‍රේමයෙන් මත් වෙලා ඉන්න වෙලාවක massage එකක් එනවා මොන මගුලක්ද අහිංසක අපිට නිදහසේ මලක්වත් කඩාගන්න දෙන්නේ නැති පර හැත්ත හිතින් බැන බැන massage එක බැලුවා බැලින්නං මේ අපේ සෙට් එකේ හූනා නොහොත් නලීම් මුගෙ massage කියවන එක අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් මට කෙසේවෙතත් සෙනරත් පරනවිතාණ මහත්තයටවත් කියවන්න බෑ බෑ බෑමයි. කොහොමෙන් කොහොමෙන් හරි massage කියවලා තේරුම් ගත්තා මූ මොනවද කියන්නෙ කියලා මූ කියන්නේ අපේ උන් සෙට් කරන් trip එකක් යමු හැබැයි දවස් 2 ක වත් එකක් වෙන්න ඕනේ කියලා. ගෙදර ඉදලා ඉදලා මොලේ අංශභාග තත්වයට පත් වෙලා හිටපු මමත් ඒ අදහසට කැමති උනේ දෙපාරක් නොහිතා අනිත් පැත්තට කෙලින්ම දැම්මා massage එක අපේ තිළිනයට දාන පමාවට උගෙනුත් ආවා reply එකක් අඩෝ පට්ට බන් යමන් කට්ටිය සෙට් කරන් අපායට හරි මම කට්ටිය සෙට් කරන්නම් කියලා. ඊට පස්සේ අමාරුම දේ තමා අපේ උන් ටික trip එකක් යන්න සෙට් කර ගන්න එක.හැදුවා fb group එකක් ඔක්කොම උන්ව add කලා එන එකෙක් වරෙව් ඉන්න එකෙක් හිටපියව් කියලා. කොහොමෙන් කොහොමෙන් හරි අපේ උන් trip එක ප්ලෑන් කරනවා එහේ යමු මෙහෙ යමු එකෙක් කියනව...