දුම්බර මැණිකේ සොයා ගිය මිතුදම
සති ගානක ඉදලා යහන්ගල යන්න ප්ලෑන් කරලා තිබ්බත් වැස්සයි,දැනමුත්තන්ගෙ උපදෙසුයි එක්ක ඒ ගමන ටිකක් කල් දාන්න කියලා හිතුවත් හිත ඉල්ලනෙම කොහෙ හරි යන්න නිසා යහන්ගල යන්න සෙට් උන අපි වෙන කොහෙ හරි යන්න හිතුවා..කාටත් හොරෙන්ම දුම්බර ගමනට පිඹුරුපත් සකස් කලේ කියන්න ගිහින් ඒ ගමනටත් කතා අහන්න වෙයි කියලමයි.දවසින් දෙකෙන් ගයිඩ් කෙනෙකුත් හොයාගෙන ඕනෙ දේවල් ලිස්ට් හද හද ඉන්නකොට "මාවත් එක්කන් පලයන්" කියලා අඬ අඬ හිටියා ඉස්සයි හූනියමයි ගමනට සෙට් උනේ...කොහොමින් කොහොම හරි සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ගමන යන්නයි ප්ලෑන් එක...ඇටන්වලට යන්න බස් එක තියෙන්නේ උදේ 7 -8 අතර හින්දා සිකුරාදා රෑ කොටුවෙන් පිටත් වෙන්නයි සූදානම...සිකුරාදා හවස් වෙනකොට කට්ටියම සෙට්..හැම සෙට් එකකම සුපිරියටම වෙලාවට වැඩ කරන එකෙක් ඉන්නවමනෙ..මෙදා පාර ඒ තැන ගත්තෙ #හූනියමා..ඌ එනකොට අපි බස් එකෙත් නැගලා...
සෙට් එක
ඔන්න ඔක්කොම හරි....නව දෙනෙක් දැන් බස් එකේ පිටිපස්සෙ ගමනේ... #දිනූගෙ_බෙලෙක්_ කටේ සද්දෙට බස් එකේ ඉස්සරහ මිනිස්සුත් හැරිලා බලනකොට දැනුනු හැගීම විස්තර කරන්න වචන හදන්න ඕනේ ..ඒ අතරේ ඉස්සයි සානකයි #අපිට_කොයින්ද_බූල්_බල්ලො කියලා සැපට නිදි..කොහොමින් කොහොම හරි උදේ 4ට වගෙ මාතලේ ටවුන් එකේ කඩයක් ඉස්සරහ බිම වාඩි වෙන්න අපිට පුළුවන් උනා.. #ඉලුක්කුඹුර_හරහා_හෙට්ටිපොළ ඔන්න අපෙ බස් එකත් රතු පාටින් බැබලි බැබලි ස්ටෑන්ඩ් එකට ආවා..
රුපියල් අටේ පරිප්පු වඩෙයි රුපියල් දහයෙ අල බනිසුයි
අරන් බස් එකට නැගල රුපියල් 114 ක් දීලා ටිකට් එකකුත් අරන් ෆේස්බුක් චැට් ගෲප් එකක තිබ්බ ආතල් ටිකකට හිනා වෙවී දවල් 11 වගේ වෙද්දි අපේ ගමනාන්තය වෙච්ච ඒකනායක මාමාගෙ ගෙදරට යා ගන්න පුළුවන් උනා..ඇදුම් ටික මාරු කරගෙන ඉක්මනින් වැඩේට බැස්සෙ වැස්ස එක්ක සෙල්ලම් කරන්න අමාරු හින්දමයි..ඒකනායක මාමාගේ පුතා උන රංජි අයියත් අපිත් එක්ක ගමනට සහභාගි උනා.වන දේවතාවුන්ට වැදුම් පිදුම් කරලා එතනම ඉදන් කෑම ටිකත් කාලා පටන් ගත්ත ගමන ලෙස්ස ලෙස්ස කූඩැල්ලෝ ගලව ගලව චුරු චුරු වැස්ස මැද්දෙන් යන්න පුළුවන් උනත් හදිස්සියේ වැහි දෙවියන්ගේ විශේෂ සංග්රහයක් භුක්ති විදින්න සිද්ද උනා...දාහක් දේවල් අහන් ,හිතේ ආසාවෙන් ආපු ගමන මඟ නතර කරන්නත් බෑනේ..වෙනදෙයක් වෙන්න කියලා අපි ගමනේ.. ඇල පාරවල් වලින් #බල්ලොත්_උස්සන්_කෙල්ලොත්_උස් සන් එගොඩ වෙලා අපේ අරමුණ හොයා අපි ගමනේ..
තව පොඩ්ඩයි පුතේ...
ඒ කියන්නේ කොච්චරද??
තව කිලෝමීටර් දෙකක් වගෙ..යන් යන් ඉක්මනට.
මාමෙ දැන් කිලෝමීටර් 5ක් වගේ ගියා නේද....
නෑ නෑ..තව පොඩ්ඩයි යන් ඔහොම..
ඊලග ප්රෂ්නේ කොහෙද ඉන්නෙ...ගුහාව ඇතුලේ ඔක්කොටම ඉන්න ඉඩ මදි..
#බඩු_ටික_ගුහාව_ඇතුලින්_තියල_තැ නක් බලමු..
මල්ලි අර අතනට පොලව හොදයි ගිහින් බලමු...තෙතත් නෑ වගේ
ඒ රංජි අයියා..දිලා ගිහින් බලහම් එහෙනම් අපි උඩ බලන්නම් ටිකක්...
දිලා එතනට යන අතරේ ටෙන්ට් ටිකත් උස්සන් උඩට ගිහින් ඔන්න අපි වැස්සෙම තැනක් හොයනව..
"මෙහ් ලෙවල් තැනක් නෑ බන් ඔන්න ඔහොම ටෙන්ට් ගහමු"
"අඩො අන්න වතුර වැඩි වෙලා.ඒ බලපන් ගුහාව යට වෙනව.බෑග් ඒකෙ"ඔය වචන ටික කියන්නත් කලින් කට්ටියම පහලට ගියේ සබ්බ සකල මනාවම ගුහාව ඇතුලේ තිබ්බ හින්දා.(ගියාද පැන්නද කියලා තාම මතක නෑ..) බෑග් ටික නම් බේරගත්තා...ඒත් හොදටම තෙමිලා..ඉස්සගෙ බෑග් එක ගත්තේ වතුරේ ගහන් යන ගමන්...කෑම,වතුර බෝතල් ඔක්කොම වගේ විනාඩි දෙක තුනක් ඇතුලේ ගහගෙන යන්න තරම් වතුර පාර ප්රචණ්ඩ උනේ හිතුවෙවත් නැති විදිහට..ඒ මාරාන්තික සටනින් පස්සෙ ඉස්සෙලම කලේ ගියපු උන් ඔක්කොම උන්නවද බලපු එක..කාටවත් වැරද්දක කරලා නැති හින්දාම කිසිම හිරිහැරයක් නැතුව හැමෝම හිටියා.ධනාට විතරක් පුංචි හීරමක් වෙලා ගුහාවෙන් උඩට ඇදලා ගනිද්දී ..
කරන්න දෙයක් නැ.ඔහොම ගහමු කූඩාරම් ..කූඩාරම් තුනයි..එකක බෑග් ටිකයි හූනුයමයි..අනිකෙ සීතලෙන් ගැහෙන දිනූ..අනිකේ ඉතුරු උන්....වැස්සෙම කූඩාරම් ගහගෙන තෙමිච්ච ඇදුම් ටිකත් අමාරුවෙන් මාරු කරගෙන වැස්ස අඩු වෙයි කියලා හිතාගෙන කුඩාරම් ඇතුලට වෙලා කල්පනා කලේ රෑට කන්නෙ මොනවද කියලා ..ගින්නක් ගහන්න තැනක් නෑ..දර තෙමිලා..කන්න ගෙනාපු දේවල් බාගයක් ගහන් ගිහින් ..9කටම බොන්න වතුර ලීටරයි..
තියෙන දෙයක් අමුවෙන් හරි කමු.. ඒ යෝජනාවට එකඟ උනේ කරන්න වෙන කිසි දෙයක් නැති නිසාමයි..
ජිවිතේට අමුවෙන් සොසේජස් කාපු නැති උන්,තම්බන්නෙ නැතුව නූඩ්ල්ස් කාපු නැති උන් ඒ ඔක්කොම නැති කතා අමතක කරලා කන්න ගත්තෙ බඩගින්න වැඩි කමටද නැත්නම් ඉස්සගෙයි කවිදුගෙයි (මම) කටවල් වලින් ඒ ටික ආරක්ෂා කරන්නද මන්දා.
වැස්ස අඩු වෙන පාටකුත් නෑ..නිදාගන්නත් බෑ..ටෙන්ට් එක ඇතුලෙත් වතුර.
මැද්දට වෙලා ඉමු ..
පැය 12ක් විතර ඉන්න පුළුවන් බන් .
මගෙ කොන්ද රිදෙනව යකූ
අඩෝ මගෙ කකුලෙ කෙන්ඩ පෙරලෙනවා.මෙහෙම ඉන්න අමාරුයි
අන්තිමට #නිදි_රවුම් කියලා අමුතුම විසදුමකුත් එක්ක පොඩ්ඩක් කට්ටිය නින්දට බැස්ස..මොන නින්දක්ද??? ඒ පාර ටෙන්ට් එක උඩිනුත් වතුර වැටෙනවා...අම්මගෙන් හොරෙන් උස්සන් ආපු පොඩි ඇලිමිණියම් මුට්ටියක් මැද්දෙන් තියලා ආයේ අපි කතාවෙ... මොනවදෝ මන්දා ටින් එකක් ඇතුලේ තිබ්බ දෙයක් බීපු ශානක, අන්දරේටත් එහා ආතල් එකක් දුන්න..
ඔය අතරේ කොහෙන්දෝ ආපු දුම් නැති මොකක්දෝ මන්දා හිල්ක් පාවිච්චි කරපු දිලා පවුල් ප්රශ්නයක් ඇති කරගෙන...
ආතල් කෝටියයි මහ වැස්සයි .
..
කොහොම හරි එකා පිට එකා වැටිලා පොඩ්ඩක් නිදාගන්න කට්ටියම ප්ලෑන් කලේ ඊලග දවසෙ 2 වෙනකොට ආයෙ ගමට යන්න ඕනේ නිසා..වතුර පිරිච්ච කූඩාරමක් ඇතුලේ උඩිනුයි යටිනුයි තෙමි තෙමි නිදාගත්ත හැටිය අපිටත් තාම හිතාගන්න අමාරුයි..
උදේ වෙනකොට අත පය නෑ වගේ වැස්ස පායල.වතුර පාරෙ සැර අඩු වෙලා..
දැන් තියෙන දෙයක් තම්බන් කාලා ආයෙ යන්...
අමාරුවෙන් ගිය තැන දාලා එන්න හිතෙන්නෙත් නැ..ඒත් යන්නත් ඕනේ ..ෆොටො ටිකක් ගහගෙන කූඩාරම් අකුලගෙන් ආයේ තෙත ඇඳුම් වලටම මාරු උනේ අදින් ඇදුම් නැති නිසාමයි.
ආපහු එන ගමනෙත් අමුතුම ආතල් ගොඩාක්...ගියාට වඩා අමාරුයි එන්න..අඩි දහයට විනාඩි තුනක විවේකයක් අරගෙන තෙත් ඇදුම් පිටින් ආයේ අමාරුවෙන් ගමට ආවේ අපි ආවා කියලා සද්ද දැම්ම දුම්බර වන පෙතට ආයේ රිංගනවා කියලා හිතාගෙනමයි...
Comments
Post a Comment