බතලේගල කදු මුදුන සොයා

 


සුපුරුදු විදිහට කෑල්ලත් එක්ක මලක් කඩාගෙන ප්‍රේමයෙන් මත් වෙලා ඉන්න වෙලාවක massage එකක් එනවා මොන මගුලක්ද අහිංසක අපිට නිදහසේ මලක්වත් කඩාගන්න දෙන්නේ නැති පර හැත්ත හිතින් බැන බැන massage එක බැලුවා බැලින්නං මේ අපේ සෙට් එකේ හූනා නොහොත් නලීම් මුගෙ massage කියවන එක අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක් මට කෙසේවෙතත් සෙනරත් පරනවිතාණ මහත්තයටවත් කියවන්න බෑ බෑ බෑමයි. කොහොමෙන් කොහොමෙන් හරි massage කියවලා තේරුම් ගත්තා මූ මොනවද කියන්නෙ කියලා මූ කියන්නේ අපේ උන් සෙට් කරන් trip එකක් යමු හැබැයි දවස් 2 ක වත් එකක් වෙන්න ඕනේ කියලා. ගෙදර ඉදලා ඉදලා මොලේ අංශභාග තත්වයට පත් වෙලා හිටපු මමත් ඒ අදහසට කැමති උනේ දෙපාරක් නොහිතා අනිත් පැත්තට කෙලින්ම දැම්මා massage එක අපේ තිළිනයට දාන පමාවට උගෙනුත් ආවා reply එකක් අඩෝ පට්ට බන් යමන් කට්ටිය සෙට් කරන් අපායට හරි මම කට්ටිය සෙට් කරන්නම් කියලා. ඊට පස්සේ අමාරුම දේ තමා අපේ උන් ටික trip එකක් යන්න සෙට් කර ගන්න එක.හැදුවා fb group එකක් ඔක්කොම උන්ව add කලා එන එකෙක් වරෙව් ඉන්න එකෙක් හිටපියව් කියලා. කොහොමෙන් කොහොමෙන් හරි අපේ උන් trip එක ප්ලෑන් කරනවා එහේ යමු මෙහෙ යමු එකෙක් කියනවා අඩො දවස් 5 ක් වත් යන්න ඕනේ තව එකෙක් world tour එකක් ප්ලෑන් කරනවා අන්තිමට අපිට තේරුනා අපිට මේක ප්ලෑන් කරන්න හොද travel කරලා පලපුරුද්දක් තියෙන එකෙක් ඕනේ කියලා. ටිං ගාලා ඔලුවට ආවේ අපේ චමතව කොටින්ම කිව්වොත් ඌ travel පිස්සෙක් තනියමත් කැලෑ ගානේ රිංගලා ගෙදර එන්නේ දවස් ගානකට පස්සේ උගෙනුත් උපදෙස් අරගෙන අපි අන්තිමේදී මීමුරේ යන්න ප්ලෑන් කර ගත්තා.දැන් තියෙන්නේ ඕනේ කරන බඩු ටික සෙට් කරගන්න සති ගානක් අපි මේක ප්ලෑන් කරා ගෲප් කෝල් ගන්නවා බඩු ලිස්ට් හදනවා විකාර ගොඩයි අපේ උන් කෙලින පිස්සු වල හැටියට ගමන යයිද කියලත් සැකයි. දහසක් බලාපොරොත්තු තියාගෙන ප්ලෑන් කරපු වැඩේට එක් ඩෝං ගාල හෙනයක් පාත් උනා ඒක හෙනයක් කිව්වට හෙන පොකුරක් අපි යන්න හිතාගෙන හිටියේ පාරෙ බස් එකේ හරි කෝච්චියේ හරි මීමුරෙට බස් නෑ හුන්නස්ගිරියෙ ඉදලා 15 km දුරක් යන්න ඕනේ අනිත් එක camping කරන්න දෙන්නේ නෑ forest එකෙන් අල්ලනවා camping කරනවානම් කරන්න ඕනේ ගමේ කාගේ හරි පෞද්ගලික  ඉඩමක අනිත්   කාරනේ තමයි දැන් මීමුරේ ඉස්සර තිබුන ලස්සන නෑ දන්නවනේ ඉතින් අපේ ලංකාවේ අයියලා තැනකට ගියොත් ගම කනවනේ මීමුරේ   ම්නිස්සුත් සල්ලි  වලට යට වෙලා සංචාරකයෝ හූරගෙන කනවා කියලයි ආරංචිය ආවේ මේකෙනුත් ලොකුම ප්‍රශ්නය උනේ යන්නේ කොහොමද කියන එක ඉතින් අපි දාගෙන හිටිය දවසට දවස් 3 කට කලින් ඔක්කොම දෙල් උනා අන්තිමට චමත්ගෙන් අදහසක් ආවා බතලේගල නැගිමු කියලා යන්න එන්නත් පහසුයි ඒ නිසා බතලේගල යන්න ඒකමතිකව කට්ටිය කැමති වුනා මෙහෙමයි දැන් ප්ලෑන් එක උදේම අසුපිනි ඇල්ල
බලලා හවස බතලේගල camping කරලා පහුවදා උතුවන් කන්ද නගින්න දැන් තියෙන්නෙ ගෙනියන්න ඕනේ බඩු ලිස්ට් එක. එවත් කොහොම හරි කලමනාකරනය කරගෙන වැඩේ සෙට් කර ගත්තා අන්තිමට ගමන යන්න ඉතිරි උනේ මමයි(බවන්) තිලිනයි කවිදුයි නලීම් මේනුක සහ උගේ නෑදෑ වෙන අයියා කෙනෙක් අන්තිම මොහොතේ අපේ නඩේ ගුරා උන චමත්ට එන්න බැරි උනා sliit එකේ assignment එකක් සෙට් වෙලා අපි එකෙක්වත් මීට කලින් කෑම්පින් කරලත් නෑ.ඕනේ දෙයක් උනාවේ කියලා අපි ගමන සෙට් කර ගත්තා යන දවසට කලින් දවසේ මේනුක ගේ ගෙදර ඔක්කොම උන් සෙට් උනා හැබැයි බල්ලා නම් ආවේ උදේ පාන්දරම bike  එකේ දැන් ඉතින් මේක කියවන උන් කට ඇරගෙන පුදුමයට පත් වෙන්න ඕනේ නෑ බල්ලෝ කවද්ද ‍යකෝ bike පැද්දේ කියලා. බල්ලා කියන්නේ අපේ කවිදුවා ඒක උගේ scl කාඩ් එක ඌට ඒ නම ලැබුන පුරාවෘත්තය නම් මතක නෑ කොහොම හරි උගෙ නම බල්ලා ආ කියන්න බැරි උනානේ අපි ඔක්කොම ඉසිපතනේ 2015 A/L batch එකේ දැන් ආපහු කතාවට එමු. ඉතින් බල්ලා හැර අනිත් ඔක්කොම උන් මේනුකයගේ ගෙදරට සෙට් උනා.ටෙන්ට් එකයි අනිත් අඩුම කුඩුම ටිකයි ලෑස්තිකර ගන්න මෙනුකගේ අම්මාගෙනුත් සෑහෙන ලොකු කාර්‍යභාරයක් ඉටු උනා ඒත් අපිට එදා රෑ නින්ද නම් ගියේ නෑ දැන් උබලා හිතයි පහුවදා යන්න තියෙන ගමන ගැන හිත්ලා සතුටට නින්ද යන්නෙ නැතිව ඇති කියලා නෑ නෑ එහෙම වෙන්නේ සුජීව ප්‍රසන්නආරච්චිගේ නවකතාවල ඇත්තටම උනේ අපේ උන් එකාට එකා ආතල් ගත්තු එක ඒ නිසා කුජීත photo වැදෙයි කියන බයට එකෙක්වත් නිදා ගත්තේ නෑ හුටා වෙලාව පාන්දර 4යි ඔක්කොම උන් කරන්ට් වැදුනා වගේ ලෑස්ති උනේ බල්ලා එනකොට අපි ලෑස්ති වෙලා හිටියේ නැත්නම් උදේපාන්දර සුමිහිරි වාග් මාලාවකින් අප ආමන්ත්‍රණය කරන බව ඉර හද සේ පැහැදිලි නිසා කොහොමින් හරි බල්ලා එනකොටම අපිත් ලෑස්ති වෙලා ඉවරයි. මේනුකයගේ අම්මටයි තාත්තටයි වැදලා එලියට බහිනකොට මෙනුකයගෙ අම්මගෙන් දීර්ඝ තර්ජනාත්මක උපදෙස් මාලවක්ද යන එන කෙල්ලන්ට ලයින් දමා ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකන බවද  නාන්නේ නැති බවට පොරොන්දු පත්‍රයකටද මුහුන දී එලියට බැස්සෙමු මේනුකගේ තාත්තා අපිව පිටකොටුවට ගෙනිහින් නොදමන්නට අපි නන්නත්තාරය. කොටුවෙන් පෙ.ව.6.10 ට  මාවනැල්ල බස් රථයකට ගොඩවී බතලේගල දක්වා ගමන් ඇරඹූ අපි කඩවත පසුවන්නටද කලින් මෙනුකයාගේ අම්මා සාදා දුන් සැන්ඩ්විච් ට්ක බඩට දා ගත්තේ අපගේ බඩජාරි කම නිසා නොව සිරාවටම බඩගිනි දැනුන නිසා බව කිව යුතුමය. බඩපුරවාගත් අපි නැවතත් සුපුරුදු නිද්‍රාශීලි ගමනට අවතීර්ණ වුනෙමු. තිලිනයා බස් එකේ ජනේලයෙන් එලියට හොම්බ දමාගෙන අවට සිරි නරඹනවා හූනයි මේනුකයි අලුත බැදපු කපල් එක සේ එකම හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගසගෙන සින්දු අසති.මේනුකයාගෙ අයියා බස් එකට නැග්ග තැන සිටම දොයිය බබාය. බල්ලා කෙලින් බලාගෙන  යන අතරේ මම මේ සියලුම දෙනාගේ කුජීත පොටෝ ගසා ගත්තේ අනාගත ආයෝජනයන් උදෙසාය. කොහොමින් කොහොමින් හරි මාවනැල්ල නගරයට ලගාවන විට වෙලාව උදේ 8.45 ටන්විතර ඇති බස් එකත් ආවේ නිකන් ජෙට් එක වගේ මාවනැල්ල ටව්න් එකේ වට දෙකක් කැරකුනේ food city එකක්  හොයා ගන්න. අම්මට සිරි මෙහෙනේ යකෝ කෙල්ලෝ ඉන්නේ එහේ බැලුවත් පට්ට කෑල්ලක් මෙහේ බැලුවත් පට්ට කෑල්ලක් මුලු ටව්මම ලස්සන ලස්සන කෙලිපොඩිත්තියන්ගෙන් පිරී ඉතිරී ගිහින් පස්සේ තමා මීටර් වුනේ අද සෙනසුරාදා A/L පංති ආපු කෙල්ලො කියලා දැන් ඉතින් අපේ නලීමයව මෙතනින් ගෙනියන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කෙල්ලෙක් නැතිව වේලි වේලි ඉන්න ඌට මෙතන නිකන් දිව්‍යලෝකේ වගේ පුලුවන්නම් මූ මෙතන පැලක් අටවගෙන කෙල්ලෝ ටෝක් කරයි. කෙල්ලොත් අපේ දිහා බලනවා තේරුනා ඒ වෙනමොකුත් නිසා නෙවෙයි අතින් කටින් බඩු එල්ලගෙන අපිට වඩා ලොකු ට්‍රවලින් බෑග් උස්සගෙන යන අමුතු සත්තු කවුද කියලා  ඇත්තම කිවෝත් උට විතරක් නෙවෙයි අපි හැමෝගෙම හදවත් තුල පොඩි මෙව්වා එකක් නොතිබුනාම නෙවෙයි ඉතින් කෙසේවෙතති මේනුකයගේ අම්මගේ උපදෙසට අනුව ගමේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා දෙයියනේ කියලා food city එකක් හොයාගෙන ගියා ගිහින් බැලින්නම් ඒ මගුලේ BBQ Chicken එක නෑ එහෙමයි කියලා අපි සැලුනද නෑ නෑ. අපි chicken ටික ගවලපිටියෙන් ගමු කියලා හිතාගෙන අනිත් දේවල් අරගත්තා අන්තිමට අරගෙන බලනකොට රු5200 ක බිලක් හරි ඉතින් අපි අරගෙන තියෙන දේවල් එක්ක ඒ ගානෙන් ශේප් උන එකත් ලොකු දෙයක් ලීටර්1.5. හේ වතුර බෝතල් 6 ක් සොසේජස් 500g පැකට් 3 ක්, බීම බොතල් , සෝයා සෝස් , bbq සෝස් , ගම්මිරිස් යෝයට් ඩින්ක් , ගල් අගුරු 3kg , මුරුක්කු  ඇතුලු එකී මෙකී නොකී දේවල් ගොඩක් අරන් අපි ආපහු බස් හෝල්ට්  එකට ගියේ අරනායක බස් එක්ට නගින්න අපේ පලවෙනි ගමනාන්තය  උනේ අසුපිනි ඇල්ල බස් එකට නැගලා කොන්දොස්තර අයියාගෙනුත් විස්තර අහගෙන ගත්තා අරනායකට ටිකට් 6 ක්.බස් එකේ මිනිස්සු අමුතු විදියට බලන එක අමතක කරලා සොභා සෞන්දර්ය විදින ගමන් බස් එකේ යනකොට අපිට එක පාරටම අදහසක් මතු උනා අසුපිනි ඇල්ලට නොයා කෙලින්ම බතලේගල යන්න මොකද වැහි වලාවන් දෙක තුනක්ම අහසේ තිබුන නිසා අපිට පොඩි බයක් හිත් වලට දැනුනා නාන්න වෙයි කියලා. ඉතින් අරනායකට ටිකට් ගත්තත් අපි ගවලපිටිය හන්දියෙන් බැස්සා දැන් තියෙන්නේ චිකන් ටික ගන්න විතරයි අයියා කෙනෙකුගෙන් චිකන් ගැන අහපුවාම උත්තරේ උනේ මේ හන්දියෙන් නම් chicken ගන්න බෑ මල්ලි තව මීටර් 700 ක් විතර එහායින් නම් තියෙනවා කියලා අපිට ත්‍රී වීල් එකකුත් කතා කරලා දුන්නා මේනුකයයී උගෙ අයියයි chicken ගන්න යාවලා අපි ටික අනිත් කලමනා ටික අරගෙන ඉවර වෙනකොටම අරුන් දෙන්නත් ආව chicken ටික අරගෙනම දැන් තියෙන්නේ හත්ගම්පොල ස්කෝලේ ගවට යන්න අපි ටික ත්‍රීවීල්දෙකක නැගලා ගියා ස්කෝලේ ගාවට රුපියල් 100 යේ දුර ඕනේ නම් කන්ද පාමුලටම
අපිට ත්‍රීවීල් එකෙම යන්න තිබුනා ඒත් ත්‍රීවීල් එකේ අයියා ඒකට පොඩ්ඩක් අදිමදි කර අපිත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ ඇයි යකෝ ට්‍රිප් ‍යන්නෙ වාහන වල යන්නද කියලා අපිත් දෙයියනේ කියලා පයින්ම ගමන යන්න පටන් අරගෙන ටික දුරක්යනකොට තම ආතල් එක දැනුනේ කෙලින්ම අංශක 60 ක විතර ආනතියකින් තමා පාර තියෙන්නේ hiking වැඩිය කරන්නෙත් නැති අපිට හොද ගනන් ඒ වෙලාවේ තමා අපිට තේරුනේ ත්‍රීවීල් එකේ අයියා ඇයි කන්ද පාමුලට යන්න අදිමදි කලේ කියලා

කොහොමින් කොහොමින් හරි අපි හෙමින් හෙමින් ගමන යනවා මීටර් 100 ක් යනවා පොඩි රෙස්ට් එකක් ගන්නවා ආපහු යනවා අනිත් උන්ට කෙසේ වෙතත් මගේ කකුල් දෙකටයි හාට් එකටයි නම් හොද ගනන් fitness යන වචනයට අකුරු පවා නොදන්නා මම විටෙක දනගාමින් විටෙක බඩගාමින් අවුරුදු 150 ක විතර තඩි ගල් ඉබ්බෙකුට වඩා චුට්ටක් විතර වේගයෙන් මම ඉදිරියට ඇදුනෙමි කොටින්ම මගේ ගමන් මල්ල උස්සන් ගියෙත් තිලිනයා එක අතකට ඌට දුන්නා කියලා වැරැද්දක් නෑ ඌ තනිකර පම්පෝරි කරයෙකිgym යනවා බලපන් මගේ arm එක මෙන්න චෙස්ට් එකේ සයිස් එක දවසට කිලෝමීටර් 10 ක් දුවනවා අරවයි මේවයි එකී මෙකී නොකී පම්පෝරි ගොඩකි කතාවට අනුව උසේන් බෝල්ට් උගේ නෑදෑයෙකි ඇට්ලස් යෝදයා උගේ මීමුත්තෙකි අර්නොල්ඩ් උගේ මාමය. මාලුවා නහින්නේ කට නිසා කියනා නිසා ඌට පොඩ්ඩක් බර පැටෙව්වට පව් නැත. මෙලෙස උගේ පම්පෝරි අසමින් ගමන් ගත් අපිට බල්ලගෙ සැන්ඩ්විච් ටික මතක් වී පාන් දුටු සෝමාලියන් කාරයෝ වගේ විනීතව පාන් කෑවෙමු අතරින් පතර පොඩි ලුණු රසක් ආවේ සැන්ඩ්විච් එකේ ලුනු වැඩි නිසා නොව අපේ අතපයේ ඌ දහඩිය කටට යාමෙනි ඒතරමට දහඩියෙන් අප නැහැවිලා හෙම්බත් වෙලා තමයි හිටියේ සැන්ඩ්විච් ටික කාලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඉන්නකොට ගමේ මිනිසෙකු අප හා කතාවට සෙට් විය වයසින් 70 ක් පමන වූ ඔහු හිනාවකින් අපට සන්ග්‍රහ කොට යන එන මග විමසා මෙහෙම කිවේය. කවුද ලමයිනේ බක් මහේ කන්ද මුදුනේ නවතින්නේ අකුණු ගහනව හොදටම මෙය ඇසූ අපේ බොක්ක රත් විය අපේ සෙට් එකේ උන්ගේ හැටියට අහක යන හෙනයක් වත් නොවැදුනොත් පුදුමයකි. විශේෂයෙන්ම තිලිනයා සිටින තැනකට හෙනයක් වදිනවාමය උගේ පම්පෝරී ඒ තරමට බිහිසුනුය. ඒත් උගේ මතය වූයේ හෙන වදින්නේ නැත තෝර් උගේ දුරින් නෑදෑ වෙන අයියා කෙනෙකුය.තෝර් අපිට හෙන ගස්සන්නේ නැත තෝර් සමහර දාට නිදාගන්නේත් උගේ කාමරේය යන්නය. එම නිසා අපිත් ආපසු ගමන යන්න පටන් ගත්තේ අවුලක් උනොත් තෝර් සමග ශේප්මන්ට් එකක් දා ගන්න එකෙක් සිටින නිසාවෙනි. බල්ලා කූඩාරමත් ගමන් මල්ලත් දෙකම උස්සගෙන පසුපසින් හති අරිමින් ගමනේ යයි ඌට ඉස්සරහින් chicken හා වතුර බොතල් ගෙන බඩගාමින් දනගාමින් හති අරිමින් කන්ද නගින මම හා මට ඉස්සරහින් තිලිනගේ පම්පොරී අසමින් නලීම්ද උන් දෙදෙනාට ඉස්සරහින් මානසික ලෙඩකින් පෙලෙන අයියා මලෝ යුගලයයි. මගේ අතේ වූ කුකුලා හොද වෙලාවට මැරිල හිටියේ නැත්නම් ඌට දුන් දස වද වල තරමට මාගේ පශ්චාත් භාගයට හොටෙන් අනිනු නොඅනුමානය. නලීම්ට යනකම් එනකම් කතා කිරීමට ඇත්තේ මාතෘකා කිහිපයකි ලිංගිකත්වය, කෙල්ලෝ , ලමයී සෑදීම පමනකි. උගේ ලෝකය එපමනකි කොහොමින් කොහොමින් හරි අන්තිමට අපි කන්ද පාමුලට එනකොට අපි ගත්තු වතුර බෝතල් ඔක්කොම ඉවරයි  අපි සෙට් එකටම මහහන්සිත් නිසා අපි කතා උනේ දවල්ට බත් කාල කන්ද නගින්න ඉතින් අපි පොඩ්ඩක් වෙලා ගිමන් හැරලා මේනුකයගේ අම්මා බැදලා දුන්න බත් මුල් ටිකත් ලෙහගෙන කන්න පටන් ගත්තා රතු බත් , අල තෙල් දාලා සම්බෝල හා මාලු කියලා වැඩක් නෑ පට්ටටම මැච් වෙන කෑම ටික වෙනදට රතුබත් නොකන මම අමාරුවෙන් හරි කෑවේ මහන්සිය නිසාමයි ඒ අතරේ හූනයි මේනුකයි ගියා ගමේ ගෙදරකින් වතුර බෝතල් ටික පුරවන් එන්න ඒ අතරේ අපි ටික පාරේ මැද්දේ පොඩ්ඩක් ඇල වෙලා ගමන් මහන්සිය නිවා ගත්තා පැය භාගයක් විතර නිදාගෙන ඉදලා අපි කන්ද නගින්න පටන් ගත්තා දැන් තමයි හොදම හරිය ගස් ගල් උඩින් තමයි යන්න තියෙන්නේ ආ තාව දෙයක් කවුරුහරි බතලේගල යන්න හිතන් ඉන්නවනම් අනිවර්‍යන් වතුර අරන් යන්න කන්ද මුදුනෙ නම් වතුර චුට්ටක්වත් නෑ පුතේ

.මේ හරිය අමාරු උනට අපිට වෙහෙසක් දැනුනේ නෑ සොබාදහමේ සිසිල විදිමින් කන්ද නගින අතරේ අපේ පොටෝ මේනියා කාරය මේනුක පැයක් විතර එක එක පෝස් වලින් ඉදලා පොටෝ ගහනව උන් ඔක්කොගේම පොටෝග්‍රපර් උනේ මග යාගන්න පන නැති මම.මේනුකය එක පැත්තකට හැරිලා මියා කලීෆා වගේ පොටො ගහනව තව පැත්තකට හැරිලා සනී ලියෝන් වගේ පොටෝ ගහනවා එතන තනිකර පොටෝ ශූට් එකක්. කොහොමින් හරි පොටෝ ටිකකුත් ගහගෙන ටික ටික අපේ උන් උඩට නගිනවා අන්තිම හරියනම් බොහොම පරිස්සමින් තමයි නගින්න ඕනේ අල්ල ගන්නවත් හරියට නගින්නවත් බෑ එක පැත්තක ලොකු බෑවුමක් අනිත් එක ලොකු ගමන් මලුත් එක්ක නගින එක නම් ගොඩක් අමාරු වැඩක් විශේෂයෙන්ම මීදුම් සහිත කාලගුනයක හරි වර්ෂා සහිත කාලගුනයක නම් මේ ගමන බොහොම අවදානම් ඒත් ඒ හරියට එනකොට අපේ ගතේ සිතේ තිබුන විඩාව මහන්සිය ඔක්කොම නැතිවෙලා ගියා අවට තිබුන මනස්කාන්ත දර්ශනය දැක්කහම හැම පැත්තෙන්ම අහස් කුස සිඹින නීල කදු ඒ වගේම කූඹියෝ වගේ පේන පහල ගම්මාන ඇත්තම කිව්වොත් එක වචන වලින් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි තමන්ම අත්විය යුතු අත්දැකීමක්. කොහොමින් කොහොමින් හරි අපි කදුමුදුනටත් ආවා ටික වෙලාවක් අවට පරිසරය රසවිදලා මහන්සිය නිවගෙන පොඩි පොටො කෑලි දෙක තුනකුත් අරගත්තා.


දැන් තියෙන්නේ කෑම්ප්  එක ගහන්න හොද තැනක් හොයා ගන්න එක අකුනු ගහන කතාවත් එක්ක අපි පොඩ්ඩක් බය උනා ඒ නිසා අපි ආවරනය උන තැනක තමයි කෑම්ප් එක ගහන්න හිතුවේ ඒ නිසා හොද තැනක් හොයන්න අපි කට්ටිය බෙදිලා දෙපැත්තට ගියේ මමයි බල්ලයි නලීමුයි එක පැත්තකට ගියා තිලිනයි අයියා මලෝ දෙපලයි තව පැත්තකට ගියා. ආ හොදට මතක තියා ගන්න මිනිස් වාසයෙන් ඈත තැනක සංචාරය කරනවානම් අනිවා තනියෙන් යන්න එපා. අනතුරක් උනොත් එහෙම ඒකයි. ඒත් අපේ තිලිනයාට කොහෙන්ද මන්දා මලකඩ කාපු රම්බෝ පිහියක් අහු වෙලා ඌ නිකන් හැසිරුනේ ඌ
රම්බෝ වගේ විටෙක මට හිතුනේ මූ චතුර සේනාරත්නගේ කවුරු හරිද කියලා ඒ තරමට මුගේ පම්පෝරිය අප්පියය. තිලිනයා කියනා පරිදි ඒ මලකඩ කෑ රම්බෝ පිහිය ඔහුට පරිත්‍යාග කර ඇත්තේ බැරැක් ඔබාමා විසිනි ඒ ඇමරිකානූ මැරීන් බටයන්ට කරන ලද සේවාව උදෙසාය ඒ කරන ලද සේවය කුමක්දැයි මට නම් ඇත්තේ සැකයකි. මොහු රැවුල කපන්නේද රම්බෝ පිහියෙනි අඹ කපන්නේද රම්බෝ පිහියෙනි මුහුනට හමු වූ සිංහයන් හය දෙනෙකුද ව්‍යාග්රයන් තුන් දෙනෙකුද තඩි හිම වලහෙකුද වල් ඌරන් විසි හය දෙනෙකුද මරා දමා ඇත. කොටින්ම කියතොත්මේ  පිහිය සමග ඔහුගේ ඇත්තේ ආත්මීය බැදීමකි. මෙ පිහියෙන් ඔහු නොකරපු දෙයක් නැත.   ඔයාලා තිලින වගේ නිර්භීත කෙනෙක් නොවන නිසා තනියම නොයන්න .හරි හරි බයිල ඇති දැන් ආපහු කතාවට එමු. දැන් අපි කට්ටිය බෙදිලා ගියානේ අපිට තමයි පරන අතහැර දමන ලද පන්සල හමු උනේ. අතහැර දමන ලද හේතුව නම් මම දන්නේ නෑ කෝහොම හරි පන්සල නම් දැන් අභාවයට ගිහින් තියෙන්නේ
ඉතින් අපි හිතුවා පන්සල තියෙන පැත්තේ කෑම්ප් එක ගහන්න මොකද ලොකු වැස්සක් අත ලගයි තිබුනේ ටෙන්ට් එක ගැන අපිය ලොකු විස්වාසයක් තිබුනෙත් නෑ අනිත් එක අපිට රෑට කන්න ලිපක් හදාගන්නත් එපැයි රෑට ගිනි මැලයක් ගහන අදහසනම් හීනයක් විතරයි කියලා තේරුනේ වැහි වලාවන් ටික දැක්කහම කොහොම හරි වැස්සට කලින් කෑම්ප් එක ගහන්නත් ඕනේ ලිපට දර හොයන්න ඕනේ කට්ටියම කඩියෝ වගේ වැඩ සමහරු  කූඩාරම ගහනවා සමහර උන් දර හොයනවා

 ඒ අතරේ මේනුකයා අමුතුම කතාවක් කිව්වා හෙට උදේ 8 ට මූට ආපහු කොලඹ යන්න ඕනෙලු කෑල්ල බලන්න.යකෝ මෙච්චර අමාරුවෙන් කට්ටිය සෙට් කරගෙන ට්‍රිප් එක සුපිරියට ප්ලෑන් කරගෙන බොහොම අමාරුවෙන් දාඩිය පෙරාගෙන බතලේගල නැගලා බැහැලා ආපහු ගෙදර යන එකට කවුද  ට්‍රිප් කියන්නේ මේකයි දැන් සීන් එක මේක මුගේ පස්ට් ලව් එක මූ හෙන සත්‍ය ප්‍රේම භෘන්ග රාජයෙක් වෙලයි ඉන්නේ මූට ඕනේ මම තමා ලෝකේ හොදම පෙම්වතා මම ආදරෙයි.ඔයාට මගේ අක්මාවෙන් ආමාශෙන් වකුගඩු දෙකෙන් එකී මෙකී නොකී හැම තැනින්ම ආදරෙයි (හා හා මොකෙන් ආදරේ කරත් මූ මොලෙන් නම් ලව් කරන්නේ නෑ මොකද මූට මොලේ කියලා නාමයක්වත් නැති නිසා) කියලා ලෝකෙට පෙන්වන්න අවුලක් නෑ මේක මුගෙ ෆස්ට් ලව් එකනේ. කල් යන්න ඕනේ මොලේ පෑදෙන්න.  යකෝ අපිට කෙල්ලෝ නැද්ද ලෙක්චර්ස් නැද්ද ඔක්කොම ශේප් කරගෙන අපි ගමන ආවේ අලුත් අත්දැකීමක් ලබන්න. මේනුකයාගේ කතාවෙන් අපේ උන්ගේ රතු කට්ට පැනලා ඉතාමත් සුමිහිරි කනට මී පැණි වගේ සරල සුගම්‍ය වාග් මාලාවකින් මුලු පරම්පරාවම අමතලා ඉවර උනාම හිතුවේ මු ඒවා අහලාවත් හැදෙයි කියලා කොහෙද මූ හැදෙන එකෙක් නෙවෙයි හදන්නත් බෑ.අපිට තව තුරුම්පු දෙකක් ඉතුරුයි 1.කූඩාරම අරන් තිබුනේ මුගේ id එකෙන් අපිට කූඩාරමට ගේමක් දෙන්න පුලුවන්
2. මුගේ පෙම්බරියට කතා කොට තත්වය පහදා දීම
කොහොම හරි ඒ තුරුම්පු දෙක පසුදා උදෑසන තෙක් තබාගෙන අපි අනිත් වැඩ ටික කලෙමු
හරි ඔක්කොම වැඩ ටික ඉවරයි දර හෙව්වා කූඩාරම ගැහුවා වාඩිය හැදුවා එතකොටම පත සයිස් වතුර බින්දු සහිත මහා වර්ෂාවක් කඩා හැලුනේ අපේ ගිනිමැලේ සිහිනේ නැත්තටම නැති කරමින්. කමක් නෑ bbq එක තියෙනවානේ කියලා හිත හදාගෙන අපි බොරුවට හිත සනස ගත්තා. මේනුකයි තිලිනයි නලීමුයි මේනුකගේ අයියා භාතියයි කූඩාරම ඇතුලේ ඕමි ගහන අතරේ මමයි බල්ලයි bbq පාරක් දාන්න ලිප හදනවා හුටා කෝ යකෝ භූමිතෙල් අපිට භූමිතෙල් අමතක වෙලා. පොලොවත් හොදටම තෙතයි දරත් තෙතයි දැන් මොකෝ කරන්නේ බල්ලටයි මටයි මුහුනෙන් මුහුන බැලුනේ ඉබේටමයි කොහොම හරි ලිප පත්තු කර ගත්තේ නැතිනම් අද රෑට කාලා හමාරයි පුතේ අරුන් ටික ආතල් එකේ ඕමි ගහනකම් අපි දෙන්නා කොහොම හරි ලිප පත්තු කර ගන්නයි බැලුවේ පත්තර දැම්මා සොපින් උර දැම්මා අන්තිමට වතුර බෝතලුත් කපලා දැම්මා කොහෙද මිනිත්තුවක් වත් ගින්න තියෙන්නේ නෑ නිවිලා යනවා ගල් අගුරු ටික පත්තු වෙනවා තියා හිතලවත් නෑ කොහොම හරි ලිප පත්තු කර ගන්න පැය 3 ක් විතර ගේමක් දුන්නා හරි යන්නෙම නෑ ඒ මදිවව වහිනවා මීදුම හැමතැනම කලුවරත් වැටීගෙන එනවා අපි සෙට් එක දැන් ෆුල් නන්නත්තාරයි. ඒ අතරේ නලීම් ගෙන් අලුත් අදහසක් මතු උනා පහල ගමේ ගෙදරකට ගිහින් භූමිතෙල් ටිකක් අරන් එමු කියලා කොහොම උනත් ඒ අදහසට අපේ උන්ගෙන් ඒ තරම් කැමැත්තක් තිබුනේ නෑ මොකද වැස්සේ තියන වෙලාවක කන්දෙන් බිමට බහින එක බොහොම අවදානම් ඒ වගේම මීදුම නිසා ඒ අවදානම තාවත් වැඩී හවස් යාමය නිසා සර්පයින් එලියට බහින වෙලාව අනික බැහැලා ආපහු නගින්නත් එපැයි. ඒ වෙනකොට හැබැයි ගල් අගුරු ටික පොඩ්ඩක් රත් වෙලයි තිබුනේ මේ පාර කොහොමහරි පත්තු කර ගන්නවමයි කියලා හිතලා කට්ටියම වැඩේට බැස්සා මේ අතරේ මේනුකයා පන කඩාගෙන ලිපට පිඹිනවා තිලිනයා ලිපට පවන් ගහනවා භාතිය ලාම්පුව තියාගෙන එලිය දෙනවා බල්ලා ගල් අගුරු ටික අවුස්සනවා නලීමයා අඩියක් පෙරට තබාගෙන බලාගෙන ඉන්නවා භූමිතෙල් ගේන්න යන්න අවසර ලැබෙනකම්. කොහොමින් කොහොමින් හරි දෙවියෝ අපේ මූන බැලුවා නැත්නම් බඩේ පනුවෝ අපිට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා. දැන් යන්තම් ලිප පත්තු වෙනවා හැබැයි මේනුකයා නම් උඩ පැන්නේ ඌ තනියම ලිප පත්තු කරා වගේ සම්පූර්න ක්‍රෙඩිට් එකම ඌ ගන්නයි හැදුවේ අපි පැය ගානක් ලිප රත් නොකරන්නට මේනුකයට තියා ශක්‍රයාගේ පුතා වයිමටවත් ලිප පත්තු කරන්නට බැරිය.දැන් තියෙන්නේ bbq එක දාන්න. ආ කියන්න බැරි උනානේ බල්ලා තමයි අපේ කුක් චිකන් ටික කපලා bbq mixer එක දාලා අරවා මේවා අපිට නොතේරුන වැඩ ගොඩක් කරා දැන් ඒ හදාගත්තූ චිකන් ටික පුච්චගන්නයි ඕනේ ලිපෙනුත් එච්චර ලොකු රස්නයක් එන්නේ නෑ මැරෙන්න පන අදින එකෙක් වගේ බොහොම අමාරුවෙන් තමා දැල්වුනේ. මම කෝකටත් කියලා ඇලුමිනියම් ෆොයිල් ටිකක් ගෙනිච්ච එක හොදට ගියා අන්තිමට සොසේජස් ටික උඩ තියලා බදින ගමන් chicken ටික සෝස් අරවා මේවා දමා ඇලුමිනියම් ෆොයිල් වල ඔතලා ලිප අස්සේ ගැසුවෙමු.

 කොහොම හරි පැයකට විතර පස්සේ chicken ටික හා සොසේජස් ටික ලෑස්තිය දැන් ඉතිරිව ඇත්තේ කොත්තු මී ටික හදා ගන්න විතරයි ඒක් හදනකම් එකා දෙන්නා චිකන් කෑලි වලට වග කියනු දුටු හෙයින් පිගානකට අසුරා පැත්තකට කරේ කාගෙත් යහපත උදෙසාමය.හරි කොත්තු මී එකත් ගානට ඇවිත්ය. දැන් එලඹ ඇත්තේ ආහාර අනුභවය සදහා වූ නැකතයි.දැන් අපගේ රාත්‍රි ආහාර වේල මෙසේය කොත්තු මී පැකට් 10ක් චිකන් කිලෝ එක හමාරක් ග්‍රෑම් 500 යේ සොසේජස් පැකට් තුනක් හා මවුන්ටන් ඩිව් ලීටර් දෙකේ බෝතලයක්‍ ය.

 හම්මේ කෑම ප්‍රමාණය හිතුවාට වඩා ගොඩක් වැඩිය. කූඩාරම ඇතුලට ඔක්කොම ටික ගෙනගොස් රව්මට ඉදගෙන කන්න පටන් ගත්තේ කෙසේ හෝ කෑම ටික ඉවර කිරීමේ උදාරතර අදිටනින් යුතුවය කනවා කනවා ඉවරයක් නැත කෑම ටික එසේමය අපිට තවත් බඩගින්නකුත් නැත කරන්නට දෙයක් නැතිම තැන ඔක්කොම උන්ගේ අදහස උනේ ඉතිරි කෑම ටික කූඩාරමෙන් එලියට දම දෙයියනේ කියා නිදා ගමු යන්නය. මෙමෙ අදහසේ මූලය අපේ ප්‍රේම රාජයා මේනුකය මෙය උගේ ගේමේ එක් කොටසකි ඌට ඕනෑ උනේ කෙසේ හෝ නිදා ගෙන පෙර දින උදෑසනම අවදී වී කෑල්ල බැලීම සදහා කොලඹ ඒමයි ඒ අතර කූඩාරමට වතුර ගලයි 6 දෙනෙකුට කියා කිව්වාට හය දෙනෙකුට හැරෙන්නටවත් ඉඩ මදිය විශේෂයෙන්ම අර්නෝල්ඩ් වගේ දේහදාරී ශරීරයක් තියෙන අපේ තිලිනයා සමග කොහොමටත් බැරිය. මේ වෙලාවේ නැවතත් සුපුරුදු පම්පෝරි කතා දෙක තුනක් ඇතෑරිය තිලිනයාගේ අදහස වුනේ රාත්‍රියේ දඩයමේ යන්නයි ඒ උගේ ආත්මීය බැදීමක් තියෙන මලකඩකෑ රම්බෝ පිහියත් සමගය. උදේ ආහාරය සදහා වල් ඌරෙකු දඩයම් කර ගැනීම තිලිනයාගේ එකම අරමුන වී තිබුනත් අපී ඌව නතර කර ගත්තේ තිලිනයා වල් ඌරන් දඩයම් කිරීම කෙසේ වෙතත් වල් ඌරන් විසින් තිලිනයා දඩයම් කොට අතවර කරාවියැයි වූ සාදාරන බිය නිසාය. කෙසේ හෝ කට්ටිය එකා පිට එකා වැටී නිදිය මේනුකයා හා නලීමයා බොක්කෙන්ම නිදිය. බල්ලා ද සැරින් සැරේ ඇහැරෙමින් නිදයි. භාතිය අයියාද හොදටම නිදිය හැබැයි පොර නිදි නෑ වගේ ඇක්ට් කරයි මේ අවුරුද්දේ ඔස්කාර් සම්මානේ ලන්කාවේ අපේ සෙට් එකේ එකෙක්ට ලැබෙන බව දැන ගන්නට ලැබුන මටත් තිලිනයාටත් දෙකොනින් හිනාය. රෑ1 ට විතර වැස්ස නැවතී පොඩි රස්නයක් දැනුන නිසා මමත් තිලිනයත්.  කූඩාරමේ කවුලු ටික ඇර සිසිලස වින්දෙමු ඒත් රස්නේ අඩු නැත ඒ නිසා භාතිය අයියා කූද්දා කූඩාරමේ දොර අරින්නැයි කියූ විට මිනිහා කිවේ අමුතුම කතාවකි රෑ මොකෙද්දෝ ආවාය කූඩාරමට හොම්බ දැම්මාය ඌව කන්න හැදුවාය අරවා මේව බයිල ගොඩක් කියා පසෙකට හැරී නැවත නින්දට වැටුනි. මටත් තිලිනටත් ගුලි කෑ උන් මෙන් හිනාය. ආ තව පාරක් රෑ මමයි තිලිනයයි මව්න්ටන් ඩිව් අඩියක් ගැසීමට බෝතලය ඇරියා විතරය මර නින්දේ සිටි මූ නැගිට අපට කතා කරාය එවන් රස කතා ගොඩකි.

 කෙසේ හො පාන්දර 5.30 වන විට බල්ලත් නැගිටලා අපිත් එක්ක ටෝකක් දාගෙන ඉන්න වෙලාවේ මේනුකයා තවමත් නිදිය නලීමය සිහිනෙන් මොනවදෝ කියවමින් නිදයි භාතිය අයියා ඇසිපිය නොහෙලා දොර දිහා බලන් හිටියේ රෑට ඌව කන්න ආපු එක ආපහු එයිදැයි බියෙනි මටනම් භාතිය අයියා කෑමට එන සතා ගැන ඇත්තේ හදවත මෙව්වා කරන දුකකි මොකද ඌ භාතිය  අයියාව බැරිවෙලාවත් කෑවොත් ඌ මැරෙනනේ භාතියගේ කටු සතාගේ උන්ඩුකපුච්චේ හිර වෙලායා ඒ තරමට භාතියගේ කටු පිරිලා ය. කොහොමින් කොහොමින් හරිඋදෙත් උනා. අපේ උන්ගේ එකම අරමුන උනේ ඉර එලිය වැටෙනකොටම පොටෝ කෑලි දෙක තුනක් ගසාගෙන fb ප්‍රොෆයිල් පික්කුව සදහා හොද එකක් තෝරාගැනීමය. ඒ නිසා කුකුලත් අතේ අරගෙනම අපි බෑවුම පැත්තට ගියේ ලස්සන පොටෝ ටිකක් ගැනීමේ අහින්සක අදහසිනි. කෙසේ හෝ සුපිරි පොටෝ සිය ගානක් වැදුනා ඒ අපි ලස්සන හින්දා නම් නෙවෙයි වට පිටාවේ දර්ශනය නිසා




කොහොමින් කොහොමින් හරි මේනුකයා පොටෝ ගහන අතරේ අපි උගේ කෑල්ලට කෝල් එකක් ගත්තෙමු පෝන් එක ඕෆ්යා අපිත් සැලුනේ නැත දැම්මා massage එකක් අපි ට්‍රිප් එකක් එන්නේ ඉදලා ඉදලා බොහොම අමාරුවෙනි අපේ ලෙක්චර්ස් කට් කරගෙනය කෑල්ල බලන්න තියෙන අවස්තා මගහැරගෙනය ඒ නිසා මේ ගමනට බකට් නොදමන්න යැයි කාරුනිකව ඉල්ලුවෙමු. විනාඩියකට පමන පසු රිප්ලයි එකක් ආවා එය මෙසේය. අනේ අපි මීට් වෙන්නේ සතියට එක දවසකි ලබන සතිය නිවාඩුය ආපහු මුනගහෙන්නේ ඊට පස්සේ සතියේය එයා සතියක් නොබැලුවොත් මගේ හර්දය කැඩී බිදී සුන් වෙලා යනවා අරවා මේවා ප්‍රේම කතා ගොඩකි හරියට ඉන්දියාවේ චිත්‍රපටි වල දෙබස් වගේය. විටෙක මට හිතුනේ සජීව ප්‍රසන්නආරච්චි නව කතා ලියන්න පටන් ගත්තේ මුන්ගේ ලව් එක දෙස බලාගෙන බවයි ඒ තරමට බොලදය ප්‍රාථමිකය . මුන් මෙලෙස බොලද ලෙස ආදරය කලාට අපිට තබා අපේ ගෙදර සිටින ටොමියාටවත් අදාල නැත ඒ උන්ගේ අතල් එකක්‍ ය. ඒත් මුන් දෙදෙනාට පැය දෙකක් හමු වී කෑල්ලව බස් එකට දමන්නට යන්නට අප සැමගේ සතුට නැති කිරීම පිලිබඳව මට නම් පුද්ගලිකව අති වූයේ පිලිකුලකි. කෑල්ලව බස් එකට ගෙන ගොස් දැමීමට මූ බතලෙගල සිට යා යුතුය. මටත් කෙල්ලෙක් සිටී ඇයවද මට හමු වන්නෙ නැවත සති දෙකකිනි. ඇයට මේ ගමන ගැන මා පැවසූ විට මුලින් අදිමදි කලත් අවසානයේ ඇය මාව තේරුම් ගෙන මෙලෙස පැවසීය. හැමදාම ට්‍ර්ප් යන්නේ නෑනේ අනිත් එක යාලුවෝ එක්ක හැමදාමත් ට්‍රිප් යන්නේ නෑනේ ගිහින් එන්න හැබැයි පරිස්සමින් ගැඹුරු තැන් වලින් නාන්න එපා ෆෝන් ආන්සර් කරන්න නැත්නම් හොයන් ඇවිත් බෙල්ල මිරිකනවා යන්නය. මේනුකයාගෙ හා උගෙ කෑල්ලගේ ලොජික් වලට අනුව හමු නොවී සිටියහොත් ලව් එක අඩු වෙයි එසේනම් මුන් දෙදෙනගෙන් එකෙකුට අනගතය සාර්ථක කර ගැනීමට හෝ ඉගනීමට විදෙස් රටකට යාමට සිදු උවහොත් කුමක්ද කරන්නෙ. මා සිතනා අන්දමට නම් ආදරය යනු සැමදා හමුවීමවත් පැයෙන් පැයට කෝල් කර මල් කැඩීමවත් නොව එකිනෙකාගේ අවශ්‍යතාවන් තේරුම් ගැනීමයි. මේ මුන් දෙදෙනාගේ ලව් එක තවම මුල් අවදියේ තියෙනා නිසා ඇතිවන ලෙඩකි. කල් යන විට ආදරය තේරුම් ගත් විට මෙම් රෝගය ඉබේම සුව වෙයි. කෑල්ලගේ මෙම massage  එකෙන් පසුව අපට මුන් දෙදෙනා ගැනම ඇති වූයේ මාරන්තික ක්‍රෝධයකි. මිනිසුන් ඌ විට මෙතරම්  ආත්මාර්ථකාමී නොවිය යුතුය. ඌට කෑල්ල හමු නොවී සිටිය නොහැකි නම් මේ ගමන නොආ යුතුය. මේක කියවන උබලටත් දීමට ඇත්තේ එක් උපදෙසකි ට්‍රිප් එකක් යනවානම් කිසිම දිනෙක මෙවන් ස්ත්‍රී ඇදුම් අදින පිරිමින් සමග ගමන් නොයා යුතුය. මා අදුරන traveling කරන කෙල්ලන්ද මීට වඩා පරාර්ථකාමීය. හරි හරි ඌට බැන්නා ඇති ආපහු කතාවට එමු දැන් මේක travel blogger එකක් වගේ නෙවෙයි ආදර උපදෙස් දෙන blogger එකක් වගේ. දැන් අපි ආපහු කොලඹ එන්න බඩු අහුරනවා ටෙන්ටෙක ගැලෙව්වා බෑග් ටික පැක් කරා ඉතිරි උන ඔක්කොම කුනු ටික එකතු කරලා ගිනි තිබ්බා දැන් වැඩේ හැරී ආ ඔයා ලට දෙයක් කියන්න ඕනේ අපි තැනකට ගිහින් ඒ තැන විනාශ කරන්නේ නැතිව ආරක්ෂා කරන්න ඕනේ එතකොට තමයි තව කෙනෙකුට ඒ තැන බලන්න ආස හිතෙන්නේ පරිසරය ආරක්ශා කරන්න ඕනේ බතලේගල කන්ද මුදුනෙත් අපේ සම හරක් අයියලා අක්කලා ගිහින් තැන් තැන් වල නම් ලියලා විනාස කරලා කියන්න තියෙන්නෙ මෙච්චරයි මේ වගේ වැඩ වලින් තේරෙන්නේ උබලගෙ තියෙන මොලේ ප්‍රමානය ඉතින් අපි අපේ ඔක්කොම කුනු පුච්චලා ගින්න නිවලා ගෙදර එන්න ලෑස්ති උනා ආ තව දෙයක් ඔයාලා ගින්නක් ගැහුවොත් අනිවාර්‍යෙන්ම ඒක නිවන්න ඕනේ වතුර දාලා නැතිනම් විශාල වන විනාශයකට ඒක හේතු වෙන්න පුලුවන් ඒ වගේම සතුන්ටත් ඒක ලොකු තර්ජනයක්. හරි දැන් ඉතින් අපි ආපහු කන්දෙන් බිමට බහිනවා ඒ අවට තියෙන ලස්සන දර්ශනත් බලාගෙන.
මතකයි නේද අර අපි ඉදගෙන බත් කෑව තැන එතන ඉදගෙන ආපහු ටිකක් වෙලා ගිමන් නිවාගත්තා වතුර බෝතල් ටිකත් පුරෝගෙන අපි ආපහු ගම මැදින් ගමන පටන් ගත්තේ පොඩි පැකිලීමකින් යුතුවය ඒ වෙන මොකුත් නිසා නෙවෙයි අපි කලින් දවසේ උදේ දත් මැදපු ගමන් තවම දත් මැදලා නෑ ඒ වගේම ඊයේ කන්ද නැගලා දාහඩිය ගදත් හොදටම. අවුලක් නෑ කවුරු බලන්නද කියලා හිතාගෙන අපි හිමින් හිමින් පල්ලම් බහින්න පටන් ගත්තා අපි කිව්වේ මේනුකයා හැර ඌ නම් දුව දුව තමයි පල්ලම් බැස්සේ ඒ තරමට කෑල්ල බලන්න යන්න ඌට තියෙන හදිස්සිය. මෙහෙම බැහැගෙන බැහැගෙන යනකොට ගමේ මනුස්සයකින් අහගත්තු විදියට පීල්ලකින් වතිර එන තැනක් හම්බුනා ඒත් යන්න මොකක්ද මොකක්දෝ වගේ අක්කි බබෙක් එතන තනියම රෙදි හෝදනවා කතා කරන්නත් බෑ දත් මැදලත් නෑනේ. ඕනෙ දෙයක් උනාවේ කියලා භාතිය අයියා කතා කරලා අහුවා අක්කෙ අපිත් අතපය ටිකක් හොද ගත්තට කමක් නැද්ද කියලා අක්කගෙත් අකමැත්තක් තිබුනේ නෑ බොහොම සුහදව කමක් නෑ මල්ලී කියලා රෙදි හෝදමින් හිටපු බාල්දියකුත් දුන්නා ශා පට්ට වතුර ටික කියලා වැඩක් නෑ කොලඹ අපි පින් කරලා නෑ මේ වගේ වතුරෙන් නාන්න කොහොමින් කොහොමින් හරි අපේ උන් ටික දත් ටික මැදලා අත පය හෝදගෙන ආපහු මනුස්ස පාටට ඇවිත් ගමන යන්න පටන් ගත්තා. හැබැයි අපේ නලීමයාට නම් එතනින් යන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ උබලා දන්නවනේ ඉතින් උගේ ඔලුවේ තනිකර තියෙන්නේ කෙල්ලෝ ලිංගිකත්වය හා ලමයි සෑදීම.  මුගේ නම් අදහස මේ අක්කට රෙදි ටිකත් හෝදලා දීලා අක්කගේ ගෙඩර පදිංචි වෙන්න. මේනුකයට පරක්කුත් වෙනවානේ ඉතින් ඒ නිසා අපි හෙන ගේමක් දීලා මූව ඇදගෙන ආවා ඒ වෙලාවට මූ හෙන ප්‍රචන්ඩ පුද්ගලයෙක් බවට පත් වෙනවා මම හිතන්නේ ඒ මුගේ පරම්පරාවෙන් එන isis ගති ඉස්මතු වීම නිසයි.

 කොහොම හරි අපි හෙමින් හෙමින් බැහැගෙන බස් යන පාර ගාවට ආවා ඒ වෙනකොටත් මේනුකයා කලින්ම බැහැලා අපි එනකම් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. කොහොම හරි අපි එතෙනට එනකොටම අපිට බස් එකක් සෙට් උනා මාවනැල්ලට යන්න. බස් එකෙ මිනිස්සු අමුතු විදිහට බැලුවේ අපේ ජීවන සුවද වහනය වීම නිසාද තඩි ගමන් මලු නිසාද යන්න අපිට ලොකු ප්‍රශ්නයක් ආවා. කලින් කිව්වනේ මාවනැල්ලේ කෙල්ලොන්ගේ ලස්සන මේ බස් එකෙත් ලස්සන ලස්සන සූකිරි බෝල ගොඩාක් හිටියා නලීමයට විතරක් නෙවෙයි අපි ඔක්කොගෙම ගමන් විඩාව අතුරුදහන් උනේ තත්පරයකටත් අඩු කාලයකින් . ඉතින් මේ සුකිරි බෝල වගේ අක්කලා නන්ගිලා දිහා බලාගෙන අපි මාවනැල්ල නගරයටත් ආවා අම්මට සිරි එතන නිකන් සුකිරි විකුනන සුපර්මාකට් එකක් වගේ ඒ තරමට කෙල්ලෝ ඉරිදා නිසා පංති ඇවිත්. අපිට නම් මාවනැල්ල දාලා යන්න හිතක් ඇත්තෙම නෑ ඒත් ඉතින් අපේ සත්‍ය ප්‍රේම භෘන්ග රාජයාටනම් පට්ට හදිස්සී අපි මාවනැල්ලෙන් අල්ලගත්තා නුවර කොලබ බස් එකක් දෙයියනේ කියලා සීටුත් තිබුනා.ආපහු කොලබ බලා එන ගමනේ නම් මහා ලොකු දේවල් සිද්ද උනේ නෑ කට්ටියම මහන්සිය නිසා නිද්‍රාශීලි ගතියකින් තමයි හිටියේ කොහොමහරි බස් එක වරකාපොල හරියෙන් නැවැත්තුවා කෑම කන්න එතනින් පොඩ්ඩක් රීෆ්‍රෙශ් වෙලා ආපහු සුපුරුදු විදියටම බස් එකේ නැගලා කොටුවට ආවා. අරූගේ කෑල්ලත් කොටුවේ අපි එනකම් බලන් ඉන්නවා. අපිත් ඉතින් හිතෙන් බැන බැන ව්‍යාජ සිනහවකින් මුවසරසාගෙන කතා කරලා සෙට් එකම ගියා රේස්කෝස් kfc එකට අපි උදේ ඉදලම කාලා හිටියේ නෑනේ ඒකයි. එතකොට වෙලාව 3 ට වගේ ඇති අපි සෙට් එක කෑම කාලා හැම කතාවකම අවසානෙට වෙනවා වගේ සැවොම සතුටින් විසිර ගිය (හැබයි මේනුකයා නම් කෙල්ලව බස් එකට දාන්න කොටුවට ගියා)

Comments

Popular posts from this blog